උකුල් ලතාවේ

Ukul Lathawe


උකුල් ලතාවේ Lyrics

කතරෙ මුලාවෙ මැදි වූ වෙලාවේ
ඈ මට සිනා දී තියා ගියා
අතරෙ තුරාවේ නැති වූ විඩාවේ
සිත මා වශී වී ගියා ගියා

ඇගෙ හිනාවේ මංදා ආලේ බැඳුනේ
කල්පනාවේ හන්දා කාලේ ගෙව්නේ
ඔය කතාවේ සිත්තම් වාගේ බැඳුනේ රැඳුනේ බැඳුනේ
ඈ ගත තාම අල්ලා අල්ලා

උකුලු ලතාවේ මං වෙලා මුලාවේ
ඈ රුවේ නුරාවේ ඇඳුනේ බැඳුනේ...//

නුබ දැක්ක වෙලේ ඉදන් හිත කම්මල පන්න ගන්න බෑනේ ගැහුවා දුම්මල මල පලදනා කරෙ පලදලා ගහනවා බෙරෙ ගෙලෙ කරෙ එල්ලලා ඇත වගෙ හෑන්ඩ් බ්‍රේක් නැවතුනා නට් එක ලූස් ලූස් නංගි මොකෙ යන්නෙ පිඹගෙන ඉන්න කැමතිද මගෙ ලඟ පූස් පූස්

කෙල්ලො නම් නෑ අන්දලා
අතකින්වත් නෑ අල්ලලා
ඔයා මට කලින් හම්බෙලා
තිබ්බනම් මල් හතයි අම්මපා

ඈ ගත තාම අල්ල අල්ල අල්ල
උකුලු ලතාවේ මං වෙලා මුලාවේ
ඈ රුවේ නුරාවේ ඇඳුනේ බැඳුනේ...//

ඇගෙ හිනාවේ මංදා ආලේ බැඳුනේ
කල්පනාවේ හන්දා කාලේ ගෙව්නේ
ඔය කතාවේ සිත්තම් වාගේ බැඳුනේ රැඳුනේ බැඳුනේ
ඈ ගත තාම අල්ලා අල්ලා අල්ලා

කෙල්ලොනම් නෑ හම්බෙලා
අතකින්වත් නෑ අල්ලලා
ඔයා මට කලින් හම්බෙලා
තිබ්බනම් මල් හතයි අම්මපා

Video thumbnail