උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන..
සන්ධ්‍යාවේ සුළඟත් මට නොදෙයි සැනසුම..
සිත්තම් කර සිත ළඟ සුන්දර පෙම් සිහින..
දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම..
නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගම රට
මගේ පුංචි කුමාරියගේ මුහුණ දකින්න
හදාගන්න බැරි තරමට බිඳුණේ මගේ සිත
ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක
උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන..
සන්ධ්‍යාවේ සුළඟත් මට නොදෙයි සැනසුම..
සිත්තම් කර සිත ළඟ සුන්දර පෙම් සිහින..
දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම..
එදා තුරුලු වී මට දුන් මධු මල් සුවඳ
සදා සිහි කරයි වැටකෙයි ගහ යට හෙවණ
කඩා හැලෙන කඳුළැලි මුසුවෙලා සයුරට
සදාතනික පැතුමන් ඉහිලුවා හදවත
උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන..
සන්ධ්‍යාවේ සුළඟත් මට නොදෙයි සැනසුම..
සිත්තම් කර සිත ළඟ සුන්දර පෙම් සිහින..
දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම..
දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම..