Uthum Adare

Uthum Adare


Uthum Adare Lyrics

උතුම් ආදරේ හැරදා
පැතුම් නිදන් කර වලදා
ගියදා ඔබ මා හැරදා
දැවුණා හදවත පෙරදා...

රිදුම් මතක පොත පිසදා
සුසුම් මතින් හිත සෝදා
නැතිදා ඔබ ලග කිසිදා
මැරුණා මතකය සැමදා...

මම වන්දනා කෙරූ.. ඒ ආදරේ බොරූ
ඇස් පියවෙනා තුරූ.. මං ආදරෙයි සුදූ...
මම වන්දනා කෙරූ.. ඒ ආදරේ බොරූ
ඇස් පියවෙනා තුරූ.. මං ආදරෙයි සුදූ...

දැවටෙන්න ආසයි පවසා නෙතින්..
උණුහුම් වුණා ඔබ සැතපී ලගින්..
නැලවී ගියත් ගත නිකලැල් පෙමින්...
අවසන් කලා ඔබ ප්‍රේමය සිතින්...

මම වන්දනා කෙරූ.. ඒ ආදරේ බොරූ
ඇස් පියවෙනා තුරූ.. මං ආදරෙයි සුදූ...
මම වන්දනා කෙරූ.. ඒ ආදරේ බොරූ
ඇස් පියවෙනා තුරූ.. මං ආදරෙයි සුදූ...

හිනැහෙන්න ආසයි පෙරසේ බැඳී
එනමුත් ගියා ඔබ ඈතක ඇඳී
කදුලක් මතින් ගොස් මතකය පෙරී
අදටත් හිතක් යලි ඉපදෙයි මැරී

මම වන්දනා කෙරූ.. ඒ ආදරේ බොරූ
ඇස් පියවෙනා තුරූ.. මං ආදරෙයි සුදූ...
මම වන්දනා කෙරූ.. ඒ ආදරේ බොරූ
ඇස් පියවෙනා තුරූ.. මං ආදරෙයි සුදූ...

Video thumbnail