වීදි කොනේ.. මාවත අද්දර

Veedi Kone Mawatha Addara

milton mallawarachchi
වීදි කොනේ.. මාවත අද්දර Lyrics

වීදි කොනේ.. මාවත අද්දර
හඬනා කිරි දරුවෝ...
කවදා හෝ නුඹ.. වියපත් වූ දා
පියා කොහේදැයි මවගෙන්‌ අසනු එපා..

මමත්‌ පියෙකි පුත.. නුඹ වැනි දරුවෙකුගේ..
මටත්‌ දැනේ ඔය.. පොඩි හිත දැවෙන රඟේ..
බලා ඉඳිමි මම.. නුඹ නළවන්නට
පොඩි හිස අතගා සුරතල්‌ පුතේ කියා..

වීදි කොනේ.. මාවත අද්දර
හඬනා කිරි දරුවෝ..
කවදා හෝ නුඹ.. වියපත් වූ දා
පියා කොහේදැයි මවගෙන්‌ අසනු එපා..

පියෙක්‌ ඉඳියි පුත.. නුඹටත්‌ කොතැනක හෝ..
පිනක්‌ නැතිද ඒ.. සෙවණේ ඉන්න අහෝ..
සිනාසියන්‌ පුත.. කිර දත්‌ පෙන්නා
මා අමතන විට සුරතල්‌ පුතේ කියා..

වීදි කොනේ.. මාවත අද්දර
හඬනා කිරි දරුවෝ..
කවදා හෝ නුඹ.. වියපත් වූ දා
පියා කොහේදැයි මවගෙන්‌ අසනු එපා..
මවගෙන්‌ අසනු එපා...

Video thumbnail