විනේ කටින වුන් Lyrics
විනේ කටින වුන්
විනේ කටින වුන් තරහක් නොකියාම..
කනේ කොහොඹ මිරිකනවා හැමදාම..
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම..
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම..
ගමේ ගැටව් කරබාගෙන උන්නාට..
විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට..
නෙළා ගනින් යැයි කප් රුක පිදුවාට..
ඉණේ රෙද්දමයි හිටියේ හරහාට...
විනේ කටින වුන්
විනේ කටින වුන් තරහක් නොකියාම..
කනේ කොහොඹ මිරිකනවා හැමදාම..
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම..
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම..
ළැමේ කිරිට මොරගහනා පැටියන්ට..
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට..
ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට..
වරෙව් මහතුනේ කුණු කය වළඳන්ට..
විනේ කටින වුන්
විනේ කටින වුන් තරහක් නොකියාම..
කනේ කොහොඹ මිරිකනවා හැමදාම..
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම..
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම...