Wadu waden divi rakina

Wadu waden divi rakina

gypsies
Wadu waden divi rakina Lyrics

වඩු වැඩෙන්‌ දිවි රකීන
බොහො දුකින්‌ කල්‌ ගෙවන දුප්පතේකි මං
වඩු වැඩෙන්‌ දිවි රකීන
බොහො දුකින්‌ කල්‌ ගෙවන දුප්පතේකි මං

කිසිම හැඩක්‌ නැති මේ ලීය
අරගෙන මං කරන විරිය
කපල කොටලා කිරල මැනලා හදන ලී බඩු
වඩු වැඩෙන්‌ දිවි රකීන
බොහො දුකින්‌ කල්‌ ගෙවන දුප්පතේකි මං

තේක්ක බුරුත නැදුන්‌ කළුවර ලෑලී
ගෙනල්ලා සැදු බඩු කාගෙත්‌ මනලෝලී
විචිත්‍ර ලිය මල්‌ කම්‌ කැටයම්‌ පේළී
දමාපු අල්මාරිද හොඳ බඩු මේ ලී

පුටු සදන්‌ සිත්‌ තුටීන
කද බැඳන්‌ කරට ගේන
කොළඹ ගෙන යම්‌

එහිදි මගේ පුටු සියල්ල
විකුණුවොතින්‌ මෙමට ලොල්ල
මගේ මුහුණේ සිනා රැල්ල වැඩි වෙලා යති
වඩු වැඩෙන්‌ දිවි රකීන
බොහො දුකින්‌ කල්‌ ගෙවන දුප්පතේකි මං

කියතද යතු කැටයද නියනද බුරුමේ
යොදාලා සැදු ලී බඩු පෙන්නයි අරුමේ
වඩු වැඩ රැකියාවකි ගරුසරු ඇති මේ
මොරටුවේ ඉපදුණු අප සැම ලද උරුමේ

වඩු වැඩෙන්‌ දිවි රකීන
බොහො දුකින්‌ කල්‌ ගෙවන දුප්පතේකි මං
වඩු වැඩෙන්‌ දිවි රකීන
බොහො දුකින්‌ කල්‌ ගෙවන දුප්පතේකි මං

කිසිම හැඩක්‌ නැති මේ ලීය
අරගෙන මං කරන විරිය
කපල කොටලා කිරල මැනලා හදන ලී බඩු
වඩු වැඩෙන්‌ දිවි රකීන
බොහො දුකින්‌ කල්‌ ගෙවන දුප්පතේකි මං

දැන්‌ ඇත බැලු බැලු තැන රට හැම පැත්තේ
පිටරට වලට පවා යවනවා ඇත්තේ
තියෙනවා කල්‌ පැවැත්ම ඉහළම තත්වේ
ඒකයි මෙහෙ ලී බඩු මුල්‌ තැන ගත්තේ
මොරටුව.. මුල්‌ තැන ගත්තේ

වඩු වැඩෙන්‌ දිවි රකීන
බොහො දුකින්‌ කල්‌ ගෙවන දුප්පතේකි මං
වඩු වැඩෙන්‌ දිවි රකීන
බොහො දුකින්‌ කල්‌ ගෙවන දුප්පතේකි මං

කිසිම හැඩක්‌ නැති මේ ලීය
අරගෙන මං කරන විරිය
කපල කොටලා කිරල මැනලා හදන ලී බඩු
වඩු වැඩෙන්‌ දිවි රකීන
බොහො දුකින්‌ කල්‌ ගෙවන දුප්පතේකි මං

වඩු වැඩෙන්‌ දිවි රකීන
බොහො දුකින්‌ කල්‌ ගෙවන දුප්පතෙකි මං
වඩු වැඩඬෙන්‌.. බොහො දුකින්‌
මොරටුවෙන්‌.. දුප්පතේකි මං

වඩු වැඩෙන්‌ දිවි රකීන
බොහො දුකින්‌ කල්‌ ගෙවන දුප්පතේකි මං
වඩු වැඩෙන්‌ දිවි රකීන
බොහො දුකින්‌ කල්‌ ගෙවන දුප්පතේකි මං

වඩු වැඩෙන්‌.. අටුව කඩලා
බොහො දුකින්‌.. පුටුව හදලා
මොරටුවෙන්‌.. වැඩ පෙන්නන
දුප්පතේකි මං

Video thumbnail