වන වදුලේ වසන්තයට හෝයියා (හෝයියා)
බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා (මගේ දෙයියා)
මේවා දැකීමෙන් මගෙ හිත ගත දොයියා..
කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා
වැව් බැඳි රටට බත් දෙන්නේ අපේ ගොයියා
(වැව් බැඳි රටට බත් දෙන්නේ)
ගොයියාට පිහිට වන්නේ වැව් දිය දෙයියා
(වැව් දිය දෙයියා.. හේයි..)
කනයා නැති තැන පණ්ඩිත කාවයියා
(කාවයියා පණ්ඩිතයා)
මම නැතිදා කවුරුද තැන්නේ අයියා
(හේ.. හේ..)
වන වදුලේ වසන්තයට හෝයියා (හෝයියා)
බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා (මගේ දෙයියා)
මේවා දැකීමෙන් මගෙ හිත ගත දොයියා..
කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා
කුරහන් රකී ගම රකිනා මගෙ දෙයියා
(කුරහන් රකී මගෙ දෙයියා)
ගොවිතැන් බලන්නේ වැහිපොද දෙන දෙයියා
(වැහිපොද දෙයියා.. හේයි..)
වාසිටි ඉන්නේ බිම් තැන්නේ පොඩ්ඩා
(බිම් තැන්නේ අපේ පොඩ්ඩා)
කැකුලියෝ ඇති තැන මම වෙමි ලොකු අයියා
(හේ.. හේ..)
වන වදුලේ වසන්තයට හෝයියා (හෝයියා)
බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා (මගේ දෙයියා)
මේවා දැකීමෙන් මගෙ හිත ගත දොයියා..
කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා
(හේයි..)