වසන්ත කාලෙට සුරංගනාවන්‌

Wasantha Kaleta Suranganawan

roshan fernando
වසන්ත කාලෙට සුරංගනාවන්‌ Lyrics

වසන්ත කාලෙට සුරංගනාවන්‌ අනන්තවත්‌ ඒවී
එපා කියද්දි බලාහත්කාරෙන්‌ යහනට කඩා වදී
විනීත තාලෙන්‌ ප්‍රේමාලිංගන නෙත්‌ කරළියේ පාවී
බැහැයි කියද්දි සුරතින්‌ ඇදගෙන තුරුලේ රඟපාවී
බැහැයි කියද්දි සුරතින්‌ ඇදගෙන තුරුලේ රඟපාවී

මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ගඟේදි
එළිවෙනවා නොදැනේ

මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ගඟේදි
එළිවෙනවා නොදැනේ

Shu.. know like the when you move to a typical groove
I even told your mama daddy really love you true
Cause you are ma ecstasy
you are my fantasy
you are the hottest thing that I found down from this
Mercedes in the back, can relax around
Everybody gonna stop me , I'll be playing the black
We are gonna party all night till the early morning
if you still want more , I am giving you more.. promise

වසන්ත කාලෙට සුරංගනාවන්‌ අනන්තවත්‌ ඒවී
නැහැයි කියද්දි ඇවිටිලි කර කර සෙනෙහස ඉල්ලාවී
ප්‍රණීත මදිරා පෙරා පුරාදී උමතු වෙසින්‌ කැරකී
බැහැයි කියද්දි සවුදිය පිරුමට යෞවනයම අයදී
බැහැයි කියද්දි සවුදිය පිරුමට යෞවනයම අයදී

මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ගඟේදි
එළිවෙනවා නොදැනේ

මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ගඟේදි
එළිවෙනවා නොදැනේ

Baby.. I love you..I love you.. my baby
I want you.. I need you.. I love you.. my baby

වසන්ත කාලෙට සුරංගනාවන්‌ අනන්තවත්‌ ඒවී
අවසර නැතිමුත්‌ සිරුරේ හැපි හැපි ළඟින්ම සැතපේවී
තුසීතයේ සිට ආ බව කියමින්‌ යන්නට සැරසේවී
එපා කියද්දි යහනේ සිරගත කොට පැනලා යාවී
එපා කියද්දි යහනේ සිරගත කොට පැනලා යාවී

මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ගඟේදි
එළිවෙනවා නොදැනේ

මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ගඟේදි
එළිවෙනවා නොදැනේ

Video thumbnail