පතන්නෙ ඔය දැත හිමිවෙන්නයි (වශියක් හිනාවෙද්දි)

Washiyak Hinaweddi (Pathanne Oya Detha Himiwennai)


පතන්නෙ ඔය දැත හිමිවෙන්නයි (වශියක් හිනාවෙද්දි) Lyrics

සුවඳින් පවා සුවය මට ගෙනදෙයි
දැකුමෙන් පවා හිතේ දුක නැතිවෙයි
හිනාවෙදි ඔයා සතුට මගේ උතුරයි
අහංකාර බැල්ම හදවතම උදුරයි
හිත ඉල්ලන්නේ ඔයාවම විතරයි
සැනසීම ලැබුණේ ඔයාගෙන් පමණයි
දැනුණු එකම අවසාන හිත නුඹමයි
පතන්නේ ඔය දෑත හිමිවෙන්නයි

වශීයක් හිනා වෙද්දී වල් ගැසෙන කම්බුල්
හැඩයි නුඹේ මුවඟ සඳක් වැනි පිරිපුන්
ආදරණීය දෑස් අහිංසක බැල්මන්
පිස්සුවක් ඔයා නම් හිත නිවන බවනාවක්

කියවිල්ල මාරයි - අහන් ඉන්න ආසයි
බලන් ඉද්දි ලෝබයි - නැති වෙද්දි පාලුයි
ඔයා මගේ පණයි - වෙනස් වෙද්දි දුකයි
ගතින් නැතත් හිතින් කෙල්ලෙ මන් නුඹ ලඟයි

අමතක කරන්නේ කොහොම ඒ දෑස
අහිංසක බැල්ම - ගෙනෙද්දි සුව හිතට
බෙහෙත් වෙන මොකට - නුඹයි මගෙ නිවන
යන්න එපා දුරට - හිඳිනු මැන ළඟම
නුඹේ සෙනෙහසට - ලෝබයි මං තවම
නෑ තරහ මැණික - වෙනස්වීම පොදුය
නමුදු මේ හිතට - එපා වෙන අයව
ඕනේ මට නුඹ විතරයි මැණික
එක බැල්මෙන් හිත ගත්ත සුරංගනාවි
නුඹ ගව්මට හැඩයි කොන්ඩෙ ගොතාගෙන එද්දි
චූටි හුරුබුහුටි අහිංසකාවි
මොන රජෙකු උනත් මෙල්ලයි නුබෙ කෝලම් ළඟදී
දුර යන්න එපා රිද වන්න හිනහෙන්න මගේ ළඟඉන්න
පනට පණ දී ආදරෙ කරන්න
මගහරින් නැතුව කැමැත්ත මට දෙන්න

වශීයක් හිනා වෙද්දී වල් ගැසෙන කම්බුල්
හැඩයි නුඹේ මුවඟ සඳක් වැනි පිරිපුන්
ආදරණීය දෑස් අහිංසක බැල්මන්
පිස්සුවක් ඔයා නම් හිත නිවන බවනාවක්

කියවිල්ල මාරයි - අහන් ඉන්න ආසයි
බලන් ඉද්දි ලෝබයි - නැති වෙද්දි පාලුයි
ඔයා මගේ පණයි - වෙනස් වෙද්දි දුකයි
ගතින් නැතත් හිතින් කෙල්ලෙ මන් නුඹ ලඟයි

 

Video thumbnail