වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම Lyrics
වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇනිය
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැලෙද්දී
හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට
පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවණැල්ල
බිඳී ගියමුන් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා මටද ඔබ හමුවුණොතින්
සිනාසෙමු අතීතෙට යම් දිනන අප දෙදෙන
සයුර ගොඩ එනතුරා කඳු මුදුන් ඇත උසට
ගලන ගඟ නැවැත්වු තැනින් ගම යට නොවෙද
ඔබට මා මටද ඔබ හමුවුණොතින්
සිනාසෙමු අතීතෙට යම් දිනන අප දෙදෙන
ඔබට මා මටද ඔබ හමුවුණොතින්
සිනාසෙමු අතීතෙට යම් දිනන අප දෙදෙන