වැටෙන් එහා මල් පඳුරේ..
ඔබ පිපී වැනේ අත නුදුරේ
වැටෙන් එහා මල් පඳුරේ..
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලින උනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම්
මල් නෙලන්න නම්.. තහනම්
සුවඳ ඇදෙයි මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දොර කවුළු තුළින්..
සුවඳ ඇදෙයි මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දොර කවුළු තුළින්
සුවඳ දිදී..
සුවඳ දිදී තිබුණත් මිදුලේ
මල් නෙලන්න නම් තහනම්
මල් නෙලන්න නම්.. තහනම්
වැටෙන් එහා මල් පඳුරේ..
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලින උනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම්
මල් නෙලන්න නම්.. තහනම්
තෙමුණත් දෙකොපුල් උණු කඳුළින්
ඇසුණත් කෙඳිරිය මුදු මුවගින්..
තෙමුණත් දෙකොපුල් උණු කඳුළින්
ඇසුණත් කෙඳිරිය මුදු මුවගින්
පිපුණු නිසා..
පිපුණු නිසා අන්සතු උයනේ
මල් නෙලන්න නම් තහනම්
මල් නෙලන්න නම්.. තහනම්
වැටෙන් එහා මල් පඳුරේ..
ඔබ පිපී වැනේ අත නුදුරේ
වැටෙන් එහා මල් පඳුරේ..
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලින උනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම්
මල් නෙලන්න නම්.. තහනම්.