wathsunu-suwandin-suwanda-kereya Lyrics
වත්සුණු සුවඳින් සුවඳ කෙරේයා
පෙම් කුසුමන් හද පුබුදු කෙරේයා
ආසිරි මංගල ගී පැතිරේයා
පතිනිය පති කුලයට පැමිණේයා
පතිනිය පති කුලයට පැමිණේයා
බැඳි සෙනෙහස රන් රස මෙන් වේයා
සිඳු කුසවන් ගං කොමලිය සේයා
බැඳි සෙනෙහස රන් රස මෙන් වේයා
සිඳු කුසවන් ගං කොමලිය සේයා
සිසි වත තුරුලෙහි සාමුව සේයා
පතිනිය පති කුලයට පැමිණේයා
වත්සුණු සුවඳින් සුවෙඳ කෙරේයා
පෙම් කුසුමන් හද පුබුදු කෙරේයා
ආසිරි මංගල ගී පැතිරේයා
පතිනිය පති කුලයට පැමිණේයා
පතිනිය පති කුලයට පැමිණේයා..
නළලත තිලකය මන් සැසදේයා
සසර පුරා පැතුවයි පැවසේයා
නළලත තිලකය මන් සැසදේයා
සසර පුරා පැතුවයි පැවසේයා
කුලඟනකගේ යහගුණ කියවේයා
පතිනිය පති කුලයට පැමිණේයා
වත්සුණු සුවඳින් සුවෙඳ කෙරේයා
පෙම් කුසුමන් හද පුබුදු කෙරේයා
ආසිරි මංගල ගී පැතිරේයා
පතිනිය පති කුලයට පැමිණේයා
පතිනිය පති කුලයට පැමිණේයා..