වෙරළේ මුහුදු රැල්ලේ
කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරේ
ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා
වෙරළේ මුහුදු රැල්ලේ
කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරේ
ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා
හැඩ වැඩදා.. ඇවිදිනවා
පොඩි කාලේ.. මං වාගේ
එහේ මෙහේ දුවන්නේ
එයා හරිම දඟයිනේ
දාංගලේ මං පොඩි දා වගෙයිනේ
කහට බිංදු වැටීලා
කමිස පොඩිය ඉරිලා
ගනිච්චියක් ඒත් හිතට නොගන්නේ
එහේ මෙහේ දුවන්නේ
එයා හරිම දඟයිනේ
දාංගලේ මං පොඩි දා වගෙයිනේ
කහට බිංදු වැටීලා
කමිස පොඩිය ඉරිලා
ගනිච්චියක් ඒත් හිතට නොගන්නේ
හැඩ වැඩදා.. ඇවිදිනවා
පොඩි කාලේ.. මං වාගේ
මගේ වගේ පුංචි දා
තෙල් ගා හිස පීරලා
ඒත් ආයෙ කොණ්‌ඩේ අවුල් වෙලානේ
ළමා ළපටි කල්ලියේ
මා වගේම මල්ලියේ
ඔයා මමයි මට තාමත් හිතෙන්නේ
මගේ වගේ පුංචි දා
තෙල් ගා හිස පීරලා
ඒත් ආයෙ කොණ්‌ඩේ අවුල් වෙලානේ
ළමා ළපටි කල්ලියේ
මා වගේම මල්ලියේ
ඔයා මමයි මට තාමත් හිතෙන්නේ
හැඩ වැඩදා.. ඇවිදිනවා
පොඩි කාලේ.. මං වාගේ
වෙරළේ මුහුදු රැල්ලේ
කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරේ
ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා
හැඩ වැඩදා.. ඇවිදිනවා
පොඩි කාලේ.. මං වාගේ
හැඩ වැඩදා.. ඇවිදිනවා
පොඩි කාලේ.. මං වාගේ...