(ගැයි පහන නෑ ගියොතින්..
මං අන්ධකාරේ ඉන්නම්..
මා බැන්ද පෙම්බරාගේ..
ඒ වාසේ මාගේ වාසේ..)
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ
රන් පුන්සඳ වැනි.. බිසොවුන් රූසිරි
නැතිදා පලක් වේද සිංහාසනේ
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
මන්දාරමේ.. දේදුන්න සේ
පායාවී ඈ නාඩගම් මණ්ඩපේ
රෑ තුන්යම... මේ රංගනේ
ආනන්දයේ ප්‍රීති ඝෝෂා නැගේ..
මන්දාරමේ.. දේදුන්න සේ
පායාවී ඈ නාඩගම් මණ්ඩපේ
රෑ තුන්යම... මේ රංගනේ
ආනන්දයේ ප්‍රීති ඝෝෂා නැගේ
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ
රන් පුන්සඳ වැනි.. බිසොවුන් රූසිරි
නැතිදා පලක් වේද සිංහාසනේ
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
රජ මාළිගේ.. සම්පත් හැරා
මා හා ගිය සේම දුරු මාවතේ
සසරේ සරා.. පෙරුමන් පුරා
ආලෙන් බැඳී එන්න මගෙ දේවියේ..
රජ මාළිගේ.. සම්පත් හැරා
මා හා ගිය සේම දුරු මාවතේ
සසරේ සරා.. පෙරුමන් පුරා
ආලෙන් බැඳී එන්න මගෙ දේවියේ
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ
රන් පුන්සඳ වැනි.. බිසොවුන් රූසිරි
නැතිදා පලක් වේද සිංහාසනේ
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ...