බැලු බැලු අත මැවෙනා...
සුපුරුදු රුව ගැටුනා....
තනි තනියම දැවෙනා...
හිත හොදටම රිදුනා...
අමනාප නෑ අසමාන නම් අපෙ හීන කතන්දරේ....
අපරාදෙ නෑ මගෙ ආදරේ පිදු ප්‍රේම කිරිල්ලියේ......
විංදනය ඇති රංගනයකට මන් මුලා වීලා....
රෝස මලකට ප්‍රේම කෙරුවට නෑ මගේ වීලා....
කාටවත් නැති ආලයක් ඇති මේ හිතේ ඇදිලා...
ආස රූ ඔබ මාගෙ මතකෙන් යන්නෙ නෑ මැකිලා...
හිතුවෙ නෑ අංසතු බව ඔය නිල් නෙතු
හුරු පුරුදු වුනු කා....ලයේ.......
ගැලපුනු ලෙංගතු කම නිසා ලන් වුනු
ඔබට නොදැනුනු ආ....දරේ...
අමනාප නෑ අසමාන නම් අපෙ හීන කතන්දරේ....
අපරාදෙ නෑ මගෙ ආදරේ පිදු ප්‍රේම කිරිල්ලියේ......
(සුර ලොවක් පතාගෙන රුවක් මවාගෙන
ගියා මමත් හුග දුරක් බලාගෙන
මගේ කියාගෙන හිතත් නිවාගෙන නින්දත් ගියා මට ඇසුත් පියාගෙන
පුලුත් තිරේ වගේ හැඩයි ඇගේ ලැම පුලුන් වගේ සුව ගෙනෙයි වෙලාවට
හිතන්න බෑ තව කෙනෙක් වටා ඇති දැලක් වටේ මට එතෙන්න බෑ තව
අසමානයි කතන්දරේ රහසින් ගමන් කරේ ආසයි නිරන්තරේ
මන් ආලේ නිදන් කලේ ලෝකේ ඔයා අතින් ආයේ පහන්කලේ
සුරන්ගනාවියෝ තමයි වසන්ගතේ ඔයා නෙමෙයි මම තමයි අනාගතේ
එපා වෙලා දැන් මට රංගනේ දන්නවා මමත් හැට හතරේ මන්තරේ
පිස්සුවක් වගේ මිස් වුනත් ඇගේ
දෙනෙත් පුරවාලා රාගය මතු කලේ
මට පිටුපාලා යන්න බෑ වගේ
කෙල්ලේ මගේ යහන ගිනි අරන් දැවේ
මම රල ගහන කපිතාන් නැවේ
දරාගෙන යන්නේ කුනාටුව සැලේ
අල්ලගත්තු මාලුවෝ කෝ මගේ දැලේ
කවදද එලිය වැටෙන්නේ මගේ පැලේ)
විංදනය ඇති රංගනයකට මන් මුලා වීලා....
රෝස මලකට ප්‍රේම කෙරුවට නෑ මගේ වීලා....
කාටවත් නැති ආලයක් ඇති මේ හිතේ ඇදිලා...
ආස රූ ඔබ මාගෙ මතකෙන් යන්නෙ නෑ මැකිලා...