යන්න යනවද Lyrics
අවසානයක් නැති වෙලාවේ
අනවසරයෙන් ගත් විරාමේ
යන්න යනවාද මගේ සටහන්
එකක්වත් ගැන නොවිමසා
තේමාව ජීවිත කතාවේ
මට ඔයා බව දන්නවානේ
ඔබට ආසද රිදෙන කොට මට
අලුත් පෙම් වාසය නිසා
යන්න යනවද අර කාලේ මතකද
ඉන්න බැරි තැන ඔබ මාව හමු වුන...//
පරිච්චේදය ඉවර කෙරුවට
පොතේ පිටු තව තියෙනවා
සැබෑ අවසානය කියෙව්වම
ඔයත් මං වගෙ හඬනවා...//
යන්න යනවද අර කාලේ මතකද
ඉන්න බැරි තැන ඔබ මාව හමු වුන
වැහි බිඳක් වත් නොමැති කතරෙත්
පතොක් මල් නම් පිපෙනවා
කිලෝ ගානට දුක් විඳපු හිත
තාම ඔබ ගැන හොයනවා...//
අවසානයක් නැති වෙලාවේ
අනවසරයෙන් ගත් විරාමේ
යන්න යනවාද මගේ සටහන්
එකක්වත් ගැන නොවිමසා
තේමාව ජීවිත කතාවේ
මට ඔයා බව දන්නවානේ
ඔබට ආසද රිදෙන කොට මට
අලුත් පෙම් වාසය නිසා
යන්න යනවද අර කාලේ මතකද
ඉන්න බැරි තැන ඔබ මාව හමු වුන...//