යන්තමට මගේ දිහා
පුංචියට වගේ බලා
හීනියට හිනා වෙලා
අන්තිමට ඔයා ගියා
හැංගුවට හිතේ කතා
නෙත් දෙකට වශී වෙලා
මං මඟට වෙලා බලා
පන්තියට වෙලා ගියා
ඇස් දෙකට වහන් වෙලා
හදවතට කතා කලා
දැන් හිතට මගේ ලඟට ඔබේ එන්න හීතීලා
නෑ මේ තරම් ආදරේ කාටවත් දැනීලා
පාළුව මකාලා ප්‍රේම කරමු බැඳීලා
ආලය හොයාලා දෙන්නද හිත පුරෝලා//
රෑට මගේ හීන දිගේ
එන්නෙ මොකො හොරා වගේ
පාට කලේ දෑස මගේ කෝඩු හිතේ රූපේ ඔබේ
කාටවත්ම නොදුන්න ආදරේ විමානේ
ආදරේට කෝල හිතේ
ජීවිතේම භාර කලේ
අල්ලගන්න දෑත මගේ
ඉල්ලගන්න හීන හිතේ
කල් ගෙවන්න කල්පයක්ම
ඔයාගේ තුරුලේ
දෑස් පියා ප්‍රාර්ථනා කලා ඔයා මාග්
රහස් කියා ඔයා ගියේ හිතත් අරන් මගේ
හිත පාරවා ඇයි ඔයා ගියේ මුුකුත් නොකියා
පාළුව මකාලා ප්‍රේම කරමු බැඳීලා
ආලය හොයාලා දෙන්නද හිත පුරෝලා//
තුරුළු වෙලා එකම කුඩේ
යන්න ගමන් බිමන් ඔහේ
ජෝඩු දමන් පාර දිගේ
රෝද කඩෙන් කන්න වගේ
පුංචි බලාපොරොත්තුවක් හිතේ පිරෙන්නේ
සීතලේට වැස්ස දිගේ
උණූහුමේ ගුලි වෙලා ඔබේ
යන්න ගමන් ආදරේ
ඉන්න බලන් තාම මෙසේ
තාම මගේ වෙච්ච නැති හීන තුරුල්ලේ
පමා වෙලා තවත් මොකද හංගන් ආදරේ
සමාව නම් ලැබෙන් නෑලු කිව්වොතින් හොදේ
හිත පාරවා ඇයි ඔයා ගියේ මුුකුත් නොකියා
පාළුව මකාලා ප්‍රේම කරමු බැඳීලා
ආලය හොයාලා දෙන්නද හිත පුරෝලා//