සංසාර කුල යුවතියකි ඇය පිරිසුදු
බෝසක් කුමරුගෙන් එහා නැ කිසි කෙනෙක්ම දුටු
බුදු වෙන්නට පෙර හැම ආත්මෙකම හමුවුනු
ඇයයි උතුම් ලද යශෝදරා ලෙස පිදුම් ලැබූ
මවකි ඇය රාහුලට උතුම්ම වුන
දියණියකිය සුන්දර අමිතා දේවිට ලද
බිරිදයි බෝසත් කුමරුගෙ හැම සසරෙම
ගුණ මහිමෙට ලගින් තියන්නවත් කතක් නැත
හැර යද්දි සිදුගත් ගිහිගෙ මහ රෑක
තෙත් වුනා ශෝකයෙන් ඇගෙ පිවිතුරු දෑස
බුදු වී වඩිද්දි ඇය දිගු කර දෑත
අන්න පුතේ වඩින්නෙ සමිදු පිය රාජ
දීපංකර බුදු සමයෙ සුමිත්රා ඈ විනා
කරන්න පැතුවා ඇ මෙ සංසාර චාරිකා
ගෞතම බුදු වන තුරා ලගින්ම රෑදිවා
සදකිදුරු උම්මග්ග වෙස්සන්තර තවත් ජාතකා
.....
සිදුහත් උප්පත්තිය සමගම ඇගෙ උපත
සිදුවුනි වසර මැද වයිශාක මසක
රනෙන් අඹන ලද පිලිමයක් බදු රුවක
මෙවන් අසිරිමත් බවක් නැ තිබ්බෙ වෙන ලදක
අභිනිෂ්ගමනය කර යද්දි වන වදුලෙ
තනිවිය ඇ පුතු රාහුල රජ මැදුරේ
සෙනෙහසෙ මහිම කියන්න හද ගැඹුරෙ
ගත කලා තපස් ජීවිතයක් පිංබර මව්නේ
බිම්බරුවක් මෙන් රුව අලංකාරයෙන් පිරි
ඒ වචනෙටත් ඉතිරුවා වගෙ ඇගෙ කිරි
ලේන කුලේ ඉදම් පහන් ටැඹක් වෙලා සිටී
හඩා සිප ගත්තා ශ්රී පාදයන් මුල වැටී
රැජිනයි අග සය අනූලක්ශ කාන්තා
පින්කද පුදන්නෙ උතුම් රාහුල මාතා
කරන් අවබෝද දුක දොම්නස් සාංඛා
ගිහි බව අත්හැර භික්ෂු ලොවට යාත්රා
පෙර භව පවා ඇගෙ නැ කිසිම වරදාක්
සංවර කමින් සිත කය වචන තිදොරාත්
ගරු කලා ඇයට පවා මුනිදු බගවාත්
වෙලා භික්ෂුනියක් ලැබුවා ඈ බව අරහාත්