යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිනි දෝරක
හිත පාරනා මේ මා දුක
සැපසේ වින්දා....
හෙට රෑ වෙලා එළිවෙන සඳ
හිත හාරනා මහ පාළුව
නුඹ ගන්නවා නම් ආපිට
යනවා.. කැන්දා..
වෑහෙන්නම් මා.. ඉඳහිට ඒ සඳේ ඇදිලා
සෑහෙන්නම් මා.. නුඹගේ ඇස් පුරා රැඳිලා..
තනි පැලේදි තනිව උරගෑ රෑ ගණන් බලලා...
අවේලාවක පෑයු තරුවී පෑ බැලුම් හින්දා...
තනි ඇතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ....
නුඹ නිසාවෙන් ඉබේ පිරුණු ආලයෙන්.. බැඳුණේ..
තරු ගනිද්දී නුඹම පෙන්වූ හීනයේ ගිලිලා..
සැපට දේදී පැතුම් සේරම කළුවරේ වින්දා...
මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා..
නුඹ පතා මං ඉත සිතින් පිදූ පීවිතේ.. මැරුණා..
යායට පායනා පෝදා සඳ..
තෙත බේරෙනා පිනි දෝරක...
හිත පාරනා මේ මා දුක..
සැපසේ වින්දා..
හෙට රෑ වෙලා එළිවෙන සඳ..
හිත හාරනා මහ පාළුව..
නුඹ ගන්නවා නම් ආපිට..
යනවා.. කැන්දා..
වෑහෙන්නම් මා..ඉඳහිට ඒ සඳේ ඇදිලා
සෑහෙන්නම් මා.. නුඹගේ ඇස් පුරා රැඳිලා...